යෙදුම ගැන

මෙම යෙදුම ජපන් බාෂාව ප්‍රයෝගිකව සිංහලෙන් අධ්‍යනය කිරීම සඳහා නොමිලේ ලබාදෙන සේවාවකි. ජපන් බාෂාව විවිධ වචන හා අක්ෂර විශාල ප්‍රමාණයකින් සමන්විත වන අතර, කියවීම මගින් ජපන් බාෂාවේ වැඩිපුර යෙදෙන වචන හා ඒවා වල තේරුම් ඉගෙනගැනීමට උපකාරයක් වීම අපගේ අරමුණයි. පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම වයස් පරාසයක අයෙකුට සරලව භාවිත කිරීමට හැකි පරිදි මෙම යෙදුම ඉදිරිපත් කිරීමට අප උත්සුක වන්නෙමු.


පාඩම් ගැන

මෙහි එන පාඩම් ජපානය ආශ්‍රිත විස්තර, පුවත්, ගීත සහ කතන්දර ආශ්‍රයෙන් උපුටාගෙන ඇති අතර යම් අවස්ථාවක දත්ත ඇතුලත් කිරීමේදී හෝ පරිවර්තනයේදී යම් අඩුපාඩු සිදුවී ඇති නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව පල කරන්නෙමු.

මුල් පිටුවේ ඉහල කොටසේ ජපන් බාෂාව ආරම්භ කිරීමට අදාල මුලික පාඩම් කිහිපයක් අන්තර්ගත වන අතර පහල කොටසේ කාලාත්මකව ඇතුලත් කරන රචනාගත පාඩම් ඇතුලත් වේ. මෙම කොටස නව පාඩම් එකතු කරමින් යාවත්කාල කිරීමට අප බලාපොරොත්තු වෙමු.


පාඩම් ආකෘතිය

වචන

රචනයට අදාළ වචන පෙල මෙහි දක්වා ඇති අතර, වචන මත ක්ලික් කිරීමෙන් එම වචනයේ සිංහල උච්ඡාරණය සහ තේරුම විමසන්න.

අභ්‍යාස

දෙන ලද වචනයට ගැලපෙන නිවැරදි පදය තෝරාගැනීමට හැකි සරල අභ්‍යාසයකි.

රචනය කියවීම

සම්පූර්ණ ජපන් රචනය, එහි සිංහල උච්ඡාරණය සහ තේරුම සමඟ මෙහි දැක්වෙයි. වම්පස ඇති ස්විචය භාවිතයෙන් උපකාරක පද සඟවා කියවීම පුහුණු විය හැක. අවශ්‍ය වචන මත ක්ලික් කිරීමෙන්, එම වචනයට අදාළ තේරුම සහ උච්ඡාරණය තාවකාලිකව නැවත පෙන්විය හැක.


ඔබගේ අදහස්

ඔබගේ අදහස් සහ යෝජනා මෙන්ම, මෙහි සමන්විත පාඩම් වල එන තොරතුරු වල යම් වරදක් සොයාගතහොත් කරුණාකර අප අමතා දැනුම්වත් කිරීම අගයකොට සලකමු.